පැය දෙක මිනිත්තු දෙකට බැස්සූ ලොව උසම චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත වෙයි!

Date:

කොළඹ LNW:විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලම ගමනාගමන කටයුතු සඳහා ඊයේ (28) විවෘත කෙරුණා. චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙහි ප්‍රධාන පාලම, පළලින් මීටර් 1,420 ක් වන අතර, ලොව දිගින් සහ උසින් වැඩිම පාලම ද වනවා. පාලම සහ ඊට පහතින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625 ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.

පාලම අද දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2 ක් දක්වා අඩු වී තිබෙනවා.

මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වුණා. පහතින් ගලා බසිනා විශාල ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බවට පත්වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...