ශ්‍රී ලංකාවට දිනන්නට පුළුවන්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 30, කොළඹ LNW:

අද දවස තීරණාත්මකය.ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකියාව ඇත.හැබැයි සියල්ල ටක්කෙටම සිදු විය යුතුය.අවසානයේදී ශ්‍රී ලංකාවේදී සිඳු වූ තුන්කොන් තරගාවලියේ අවසාන තරගයේදී ද ඉන්දියාව පරාජය කිරීමට තිබුණු අවස්ථා අපට මඟ හැරී ගියේ උඩ පන්දු කිහිපයක් අත හැරීම හේතුවෙන්ය.වඩාත්ම වැදගත් දවා ගැනීම සඳහා ලැබෙන අවස්ථාවන් එකක්වත් පැහැර නොහැරීමය.එසේම ආසන්න අවස්ථා නැතහොත් අසීරු උඩ පන්දු ගණයේ ඒවා අත හරින්නට නොහැකිය.
අවදානම් පහරවල් සඳහා යා යුතු නැත.හොඳ ශක්තිමත් ඉවසිලිවන්ත ඉණිමක් දෙකක් ශ්‍රී ලංකාව පැත්තෙන් වාර්තා විය යුතුමය.එහිදී විශාල අවධානයක් යොමු වන්නේ හර්ෂිතාටය.ඉනික්බිති නිලක්ෂිකාට මැද පෙළින් අල්ලාගෙන සිටීමේ හැකියාව ඇත.


චමරි අතපත්තු ඉන්දියාවේ සියළු වැටලීම්වල මුලික කොට රඳවා තබනු ඇත.ඇයට එරෙහිව ගොඩ නැඟෙන පීඩනය සුළු එකක් නොවනු ඇත.එහෙත් චමරි ඉවසාගෙන ක්‍රීඩා කළහොත් තමන්ට ලැබෙන සුළු අවස්ථා කිහිපයකදී හිතා ගන්නට බැරි පහරවල් දෙක තුනක් එල්ල කර වැටලීම් කර තිබෙන දැල් නැවත භාවිතයට නොගත හැකි පරිදි විසුණු කර දමන්නට හැකියාව ඇත.චමරි හරි රිද්මයට ආ විට ඇයම වරදක් කරන තෙක් ඉවසා සිටීම හැර ඕනෑම ප්‍රතිවාදි කණ්ඩායමකට වෙන කළ හැකි දෙයක් නැත.ඇත්ත එයය.


ඉන්දියාව මීට පෙර මුළු බර චමරි වෙත තබා අන් අය ගැන අඩු අවධානයකින් ආවත් දැන් තත්ත්වය වෙනස්ය.චමරි නොව,හර්ෂිතා,විශ්මි,නිලක්ෂිකා,හසිනි,කවීශා ලෙස අමාරුකාරියන් ගොඩ දෙනෙකු ගැන සිතන්නට සිඳු වී ඇත.මේ අතරට තවමත් ජාත්‍යන්තර පිටියේ මතු නොවුණු වේගවත් ප්‍රහාරිකාවක් ද ශ්‍රී ලංකා සංචිතය ඇතුළේ සිටින්නේය.ඇය ඇයව නිවැරදිව කළමණාකරනය කර ගන්නේනම් ලෝකයම බය කළ හැකි මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක විය හැකි ඇය දෙව්මි විහංඟාය.


පන්දු යැවීම ගැන අවධානය යොමු කරද්දී ඉන්දියාව සැළකිල්ලෙන් පන්දුවට පහර දෙන ප්‍රධානම ක්‍රීඩිකාව ඉනෝකා රණවීරය.කොයි මොහොතේ හෝ ඇයගේ අත්දැකීම්වල ගොදුරක් බවට තමන් පත් විය හැකි බව දැන ඉන්දිය ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරනවා සැක නැත.චමරි මෑත තාලයේ පන්දු යැවීමෙන් දක්වන දස්කම් ඉහළින්ම ඇත.ඒ නිසා ඇය ද ඉන්දියාවට ලකුණු ලබා ගැනීම පහසුවෙන් කරන්නට ඉඩ නොදෙනු ඇත.මල්කි මධාරා සහ උදේශිකා ප්‍රබෙධනී වේගයෙන් වැඩ ගැනීම සඳහා ගුවහටි තණතීරුව මත සිටිනු දකින්නට ඇති ඉඩ වැඩිය.ඒත් මෑත කාලයේ අචිනි කුලසුරිය පිත්තෙන්ද දස්කම් දක්වන්නියක ලෙස කැපී පෙනෙන නිසා උදේශිකා,මල්කි සහ අචිනි අතර අවසන් 11 දෙනාට එ්මට විශාල තරගයක් ඇති විය හැකිය.


කවීශාට කණ්ඩායමේ ස්ථානයක් අනිවාර්යෙන් ලැබෙන තත්ත්වයක අද නියෝජනය කරන 11 දෙනා අතරට එන්නට සුගන්ධිකා කුමාරි සහ දෙව්මි විහංගා අතර ද ගැටුමක් ඇති වනු ඇත.දෙව්ම්ට පිත්තෙන් දස්කම් දක්වන්නට ඇති හැකියාන කොයි මොහොතක හෝ ලැබෙනු ඇතැයි චමරි කල්පනා කරන බව මෙවර ක්‍රීඩා සමාජ අතර තරගාවලියේදීත් දෙව්මිව විවිධ ස්ථානවලට යොදා පන්දුවට පහර දීමට ඉඩ දී චමරි දැරූ උත්සාහයෙන් පැහැදිළි වන්නේය.ඒ නිසා එවැනි තැනකදී දෙව්මිට 11 දෙනා අතරට ඒමට වැඩි ඉඩක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.එසේ වුවහොත් විශ්වසනීය තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙස කණ්ඩායමට චමරිට සහ කවීශාට අමතරව දෙව්මිගේ නම ද එල්ලී තිබෙනු ඇත.


මේ සංචිතයේ සිටින 15 දෙනාගෙන් කවුරු අවසාන 11 ට ආවත් ඒ 11 ඉන්දියාව පරාජය කරන්නට සමත් 11 ක් වෙනු ඇත.එය කළ හැකිය.ඉන්දියාවට පමණක් දිනිය හැකිනම් ශ්‍රී ලංකාව ක්‍රිකට් නොගසා සිටිය යුතුය.ඒ නිසා ආසියානු කුසලාන තරගාවලියේදී මෙන් අප ඔවුන් දෙන ඕනෑම ඉලක්කයක් හඹා යා හැකි කණ්ඩායමක් ලෙස සිතා මේ තරගයට මුහුණ දිය යුතුය.ඉන්දියාව ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයෙන් සිටියත් පළමුව පන්දුවට පහර දුන්නොත් ශ්‍රී ලංකාවෙන් බේරෙන්නට කොපමණ ලකුණු ප්‍රමාණයක් ඇද්ද යන්න සිතා ගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දෙනු ඇත.

චමරි,විශ්මි,හසිනි,හර්ෂිතා,කවීශා,නිලක්ෂිකා සහ අනුෂ්කා සංජීවනී දක්වා වන පිතිකරු පෙළ ගැස්ම කිසිම රටකට පහසුවෙන් දමනය කර ගැනීමට නොහැකි එකකි.ඒ මට්ටමෙන් සිතන්නට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ ඉල ඇණිය ද හිස ඔසවාගෙන මේ තරගාවලියේදී කටයුතු කළහොත් ශ්‍රී ලංකාවට ඉන්දියාව පමණක් නොව සියල්ලන්ම පරාජය කරන්නටත් ලෝක කුසලානය දිනා ගන්නටත් හැකියාව ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...