ආර්ථිකය ස්ථාවරයි.තවත් බදු වැඩි කිරීම අවශ්‍ය නැහැ!

Date:

කොළඹ LNW: මේ වන විට ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති හෙයින් තවදුරටත් බදු වැඩි කිරීමේ ඉලක්කයකට නොයා ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ හැකියාව පවත්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

රජයේ ආදායම් ලැබීම් යහපත් වෙමින් තිබෙන අතර පළමු වසර ගත කළේ මෙලෙස ආර්ථකය ස්ථාවර කරගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කරයි.

”ඇත්තටම දැන් අපේ ආදායම් තත්ත්වය හොඳ මට්ටමක තියෙන්නේ. ඒ නිසා ජනතාවට වැඩිපුර පහසුකම් දෙන්න, ජනතාවට සහන දෙන්න පුළුවන් ආර්ථිකයක් හැදෙමින් තියෙනවා. අපි පළමුවෙනි අවුරුද්ද කොහොමත් ගතකළේ ආර්ථිකය ස්ථාවර කරගන්න. ඒ ස්ථාවර කරන ඉලක්ක සම්පූර්ණ කරලා තියෙනවා. අපනයන ආදායම් වැඩිවෙලා තියෙනවා. ආයෝජන වැඩිවෙලා තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබීම් වැඩිවෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ ලැබීම් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් බදු වැඩි කිරීමේ ඉලක්ක වලට යනවට වඩා බදු සාධාරණීකරණය කරලා ජනතාවට පහසුකම් සැලසීමේ ඉලක්ක වලට යාමේ හැකියාව අපට තියෙනවා.” යනුවෙන් තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...