ඇමරිකානු රජයේ කටයුතු තාවකාලිකව ඇණහිටියි

0
153

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය කෙටි කාලීන රජයේ අරමුදල් සැලැස්මක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීමත් සමඟ රජයේ සියලු කටයුතු ඇණහිට ඇති බව වාර්තා වේ.

රිපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ මණ්ඩල දෙකම පාලනය කරන නමුත් නොවැම්බර් 21 වන දින දක්වා රජයේ මෙහෙයුම් සඳහා අරමුදල් නියම කරන ඔවුන්ගේ පනත සම්මත කිරීමට එකඟතාවයක් ලබා ගැනීමට අපොහොසත් විය. මෙම පනත නොමැතිව රජයට ක්‍රියා කළ නොහැක.

ජූලි මාසයේදී ට්‍රම්ප්ගේ One Big Beautiful පනත යටතේ ක්‍රියාත්මක කරන ලද Medicaid සඳහා මෑත කාලීන කප්පාදු රිපබ්ලිකන් පක්ෂය ආපසු හරවන්නේ නම් මිස පනතට සහාය දීම ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රතික්ෂේප කර තිබු අතර ඩිමොක්‍රටික් පක්ෂය පනතට විකල්ප විසඳුම් යෝජනා කළ නමුත් රිපබ්ලිකන් පක්ෂය විසින් මේවා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කොංග්‍රසය අවහිර විය.

රජය වසා දැමීමත් සමඟ අත්‍යාවශ්‍ය නොවන සේවකයන්ට වැටුප් හිමි නොවන අතර ඔවුන්ගේ සේවය අත්හිටුවීම හෝ සේවයෙන් පහ කිරීම සිදු කළ යුතුය.

FBI, CIA,මිලියන දෙකක එක්සත් ජනපද හමුදා නිලධාරීන්, එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ තීරුබදු එකතු කිරීම්, ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය, වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගුවන් ගමනාගමන පාලකවරුන් 13,000 කට වැඩි පිරිසක් දිගටම සේවය කරනු ඇති නමුත්, රජයේ කටයුතු ඇනහිටීම අවසන්වන තුරු මෙම සේවකයන්ට වැටුප් හිමි නොවනු ඇත.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයෙන් වසර දෙකකට පසු, 2018 දෙසැම්බර් මාසයේද මේ හා සමානව රජයේ අරමුදල් සම්බන්ධයෙන් කොංග්‍රසය එකඟ වීමට අපොහොසත් වීමෙන් පසු, දින 35 ක අර්ධ රජයේ වසා දැමීමක් සිදු වූ අතර එය නූතන එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම කාලය වේ. මෙහිදී ෆෙඩරල් දෙපාර්තමේන්තු වන කෘෂිකර්මය, වාණිජ්‍යය, නිජබිම් ආරක්ෂාව, නිවාස හා නාගරික සංවර්ධනය, අභ්‍යන්තරය, යුක්තිය, රාජ්‍ය, ප්‍රවාහනය සහ භාණ්ඩාගාරය ආදී නවයක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් වසා දමන ලදී,