විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL තීන්දුව සති දෙකකින්!

කොළඹ LNW:විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ.

විදුලි ගාස්තු ඉහළ සියයට 6.8කින් ඉහළ නංවන ලෙස යෝජනා කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පසුගිය මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කළේය.

මේ වන විට දිවයිනේ පළාත් 8ක් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මහජන අදහස් ලබා ගැනීමේ අවසන් සැසිය එළඹෙන 8 වනදා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිත බවත් මේ වන විට ලබාගෙන ඇති මහජන අදහස් උපයෝගීතා කොමිසම විසින් අධ්‍යයනය කරමින් සිටින අතර එහිදී විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන බලාගාරවලින් ඉන්ධන මිලදී ගැනීමේ වියදම, බෙදා හැරීමේ වියදම හා ණය ගෙවීමට විදුලිය ගාස්තුවලින් අරමුදල් ලබා ගැනීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කරන බව සඳහන්.

අනතුරුව සංශෝධිත අවසන් වාර්තාව නිකුත් කරනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...