විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL තීන්දුව සති දෙකකින්!

Date:

කොළඹ LNW:විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ.

විදුලි ගාස්තු ඉහළ සියයට 6.8කින් ඉහළ නංවන ලෙස යෝජනා කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පසුගිය මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කළේය.

මේ වන විට දිවයිනේ පළාත් 8ක් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මහජන අදහස් ලබා ගැනීමේ අවසන් සැසිය එළඹෙන 8 වනදා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිත බවත් මේ වන විට ලබාගෙන ඇති මහජන අදහස් උපයෝගීතා කොමිසම විසින් අධ්‍යයනය කරමින් සිටින අතර එහිදී විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන බලාගාරවලින් ඉන්ධන මිලදී ගැනීමේ වියදම, බෙදා හැරීමේ වියදම හා ණය ගෙවීමට විදුලිය ගාස්තුවලින් අරමුදල් ලබා ගැනීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කරන බව සඳහන්.

අනතුරුව සංශෝධිත අවසන් වාර්තාව නිකුත් කරනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...