බැකෝ සමන්ගේ මස්සිනාත් අත්අඩංගුවට. කුඩු සහ ගිනිඅවියකුත් හමුවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සංවිධානාත්මක අපරාධකරුවකු වන “බැකෝ සමන්” නමැත්තාගේ මස්සිනා ඊයේ (04) දිනයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

මිද්දෙනිය, වැලිපිටියේ පිහිටි සැකකරුගේ නිවස ද පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 555ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසිනයක් සහ උණ්ඩයක් ද සොයාගෙන ඇත.

බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇත්තේ මෙකී මස්සිනා විසින් බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...