230ට ගිය නාඩු දැන් 170ට තියෙනවා. කීරි සම්බා හිඟවෙලා. වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ – ඩඩ්ලි සිරිසේන

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ පවතින කීරිසම්බා හිඟයට බලපා ඇත්තේ වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – සහල් රටින් ගේන්න වෙයිද ? පාලන මිල ඉවත් කරන්න වෙයිද ? මොනවගේ තත්වයක්ද තියෙන්නෙ ?

“ඒක මට තීරණය කරන්න බැහැනෙ”

ප්‍රශ්නය – කීරිසම්බා හිඟයක් තියෙනවා කියලා කියනවා ?

“කීරිසම්බා හිඟවෙද්දී නාඩු හාල් කොච්චර වෙළඳපොලේ තියෙනවාද කියලා ඔයාලා ඒකත් බලන්න එපැයි මාධ්‍යවේදීන් වශයෙන්. රුපියල් 230 ට තිබ්බ නාඩු හාල් එක රුපියල් 170 ට තියෙනවා. රුපියල් 260 ට දෙන්න ඕනෙ කීරිසම්බා එක ඒ මිලට වෙළඳපොලේ නෑ. ඒකෙන්ම පේනවා මෙතන මේ වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් මේ තියෙන්නෙ. නාඩු වී ගොඩාක් වැඩකරලා තියෙනවා, කීරිසම්බා වී ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් වැඩකරලා තියෙන්නෙ. ගොවියෝ විශේෂයෙන්ම මේ වී අඩු මිලකට දෙන්නෙත් නෑ. නමුත් ඉතින් රටේ නීතියට යටත්ව අපි කටයුතු කරන්නත් ඕනෙ. මේවගේ ඉතින් ප්‍රශ්න ගොඩක තමා ඉන්නෙ. මේවාට සුදුසු විසඳුම් දෙනවා නම් මේ හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පුළුවන් අපට”

ප්‍රශ්නය – කීරිසම්බා හිඟයට විසඳුමක් නැහැ නේ ?

“ඒකට මට කරන්න දෙයක් නැහැනෙ …”

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...