IMF වෙතින් ධනාත්මක සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05 කොළඹ LNW :

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව සඳහන් කළේ , අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින් පවතින බව ඇය කියා සිටියාය.

ආර්ථික අර්බුදයෙන් පසු මුල්වරට මෙර ආර්ථික වර්ධනය 05% ඉක්මවා ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

උද්ධමනය අඩුවීම සහ රාජ්‍ය ආදායම රැස්කිරීම වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කිරීම ඉතා යහපත් ප්‍රවණතා බව ජුලි කොසෑක් මහත්මිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචිත ඉහළ මට්ටකට ළඟා වී ඇති බවද එහිදී සඳහන් කළාය.

ජුලි කොසෑක් මහත්මිය සඳහන් කළේ., ආදායම් දළ දේශීය අනුපාතිකය 8.2% සිට 13.5%ක් දක්වා වර්ධනය වීම ද බෙහෙවින් සාධනීය ලක්ෂණයක් බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...