IMF වෙතින් ධනාත්මක සහතිකයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05 කොළඹ LNW :

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව සඳහන් කළේ , අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින් පවතින බව ඇය කියා සිටියාය.

ආර්ථික අර්බුදයෙන් පසු මුල්වරට මෙර ආර්ථික වර්ධනය 05% ඉක්මවා ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

උද්ධමනය අඩුවීම සහ රාජ්‍ය ආදායම රැස්කිරීම වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කිරීම ඉතා යහපත් ප්‍රවණතා බව ජුලි කොසෑක් මහත්මිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචිත ඉහළ මට්ටකට ළඟා වී ඇති බවද එහිදී සඳහන් කළාය.

ජුලි කොසෑක් මහත්මිය සඳහන් කළේ., ආදායම් දළ දේශීය අනුපාතිකය 8.2% සිට 13.5%ක් දක්වා වර්ධනය වීම ද බෙහෙවින් සාධනීය ලක්ෂණයක් බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...