ලෝකය ඉදිරියේ සිංහ ධජය ප්‍රදීපයක් කළ ප්‍රදීප්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 05, කොළඹ LNW:

පැරා ක්‍රීඩාවට වෙනම විදිහකට එකතු වුණ ප්‍රදීප් සෝමසිරි යුද්ධයෙන් ආබාධිත ප්‍රජාවට ක්‍රීඩා කටයුතු සඳහා වෙන්ව පවතින ඉඩක් හැටියට පැරා ක්‍රීඩාව හඳුනාගෙන සිටි සමාජ කුලකය වෙනස් කරන්නට දායක වුණ පුද්ගලයෙක්.ඊයේ දිනය ගෙවෙන විට ඔහු ආසියාවේ තමන් අයත් වන තරග කාණ්ඩය වන මීටර් 1500 ටී 46 කාණ්ඩයේ ආසියාවේ සිටින සුපරිතමයා බවට පත් වෙනවා.ඒ ඉන්දියාවේ පැවත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා සූරතාවලියේ දී එම ඉසව්ව විනාඩි 3:53.77 න් නිමා කරමින්.


එහි ප්‍රථමයා වන්නේ රුසියානු ක්‍රීඩකයෙකු වන ඇලෙක්සැන්ඩර් අයරෙම්චුක්.ඔහු රුසියානු තහනම නිසා මේ තරගයට ඉදිරිපත් වන්නේ ජාත්‍යන්තර පැරා ධජය යටතේ නිදහස් ක්‍රීඩකයෙකු ලෙසයි.ඔහු මෙහිදී වාර්තා කරන ලද කාලය වන විනාඩි 3:53.26 මෙන්ම,දෙවන තැන දිනූ ඇන්ටොයින් ප්‍රවුඩ් වාර්තා කළ විනාඩි 3:53.62 ද එම දෙදෙනාගේ කාලීන හොඳම දක්ෂතාවය වුණා.තරගයට සහභාගි වූ ක්‍රීඩකයින් අතරින් දෙදෙනෙකු හැරෙන්නට අන් සියල්ලම හොඳම කාලය හෝ හොඳම කාලීන කාලය වාර්තා කරමන් තරග වඳිමින් මෙම තරගයේ තරගකාරීත්වය ඉහළ මට්ටමක රඳවාගෙන සිටියදී ප්‍රදීප්ට ආසියානු වාර්තාව ඉක්මවා යාමට හැකි වුණා.


මෙම තරග නියෝජනය කරන බොහෝ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමේ තරග විශාල ප්‍රමාණයකට සහභාගි වීමේ අවස්ථාව ලැබෙනවා.ඊට සාපේක්ෂව එවැනි අඩු තරග අත්දැකිම් සහිතව මෙවැනි තරගාවලි කිහිපයකට පමණක් ඉඩ පෑදෙන ප්‍රදීප්ලා මේ පෙන්වා දෙන්නේ සිය පෞද්ගලික ජයග්‍රහණයන් වගේම බලධාරීන්ට ලංකාවේ පැරා මලල ක්‍රීඩාවට දිනන්න පාර හදා දෙන්න කියන ඉල්ලීමයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රදීප් සහ ඔහුගේ පුහුණුකරු සජිත් ජයලාල්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...