නාරම්මල අනතුරින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05 කොළඹ LNW :

අද (05) දින නාරම්මල නගරය ආසන්නයේදී , නාරම්මල – කුරුණෑගල මාර්ගයේ ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 41, 80 හා 82 වයස් වල පසුවන පුද්ගලයින් වේ.

පොලිසිය සඳහන් කළේ, කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර තිබෙන බව වාර්හා වේ.

ඉන් අනතුරුව ලොරි රථයේ රියදුරු සහ එහි ගමන් කළ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම ලොරි රථයේම ගමන් කළ වයස අවුරුදු 40 ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09 ක දැරියන් දෙදෙනෙකු තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...