නිමල් සිරිපාල නෙරපීමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කරයි

Date:

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.

තනතුරුවලින් නෙරපා හැරීමේ ශ්‍රීලනිප තීරණයට එරෙහිව නිමල් සිරිපාල මහතා ගොනුකළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු පූර්ණිම පරණගම මහත්මිය හමුවේ කැඳවා තිබිණි. පෙත්සම හෙට දක්වා කල්තැබූ විනිසුරුවරිය, හෙට දිනය දක්වා වාරණ නියෝගය දීර්ඝ කිරීමටද නියෝග කළාය.

පෙත්සෙම් විත්තිකරුවකු ලෙස නම්කර සිටින ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙුනවෙන් පෙනී සිටි නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ ගැටලුව සමථයකට පත්කර ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.

වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...