දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් : පුළුවන් නම් මහින්ද රාජපක්ෂව එල්ලලා බලන්න – ඉත්තෑකන්දේ හිමිගෙන් අභියෝගයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වත්මන් ආණ්ඩුව දෙස බලාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව එල්ලන්නට කතා කරන්නේ කවර හෝ තනතුරක්, වරප්‍රසාදයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

“එතුමා කාල්ටන් නිවසේ ඉන්නකොට මිනිස්සු එතුමාව බලන්න යනකොට මේකත් දරාගන්න බැහැ. මේක දරාගන්න බැරි තැන අලුතින් පොරක් ඇවිල්ලා කෑගහන්න පටන් ගන්නවා ‘මහින්ද රාජපක්ෂ බෙල්ලෙන් නෙවෙයි එල්ලන්නෙ කකුල් දෙකෙන් එල්ලන්නෙ’ කියලා. මං ඔය කියන ෆීල්ඩ් මාර්ෂල්වරයාට කියනවා පුළුවන් නම් එල්ලලා බලන්න ! මහින්ද රාජපක්ෂ මැතිතුමාවද එල්ලන්නෙ, මිනිස්සු එතකොට එල්ලන්නෙ කවුද කියලා පෙන්නයි. මේ ආණ්ඩුව දිහා බලාගෙන බුරන්නෙ වෙන මොකටවත් නෙවෙයි මස් කටුවක් කොහේහරි ඈතක එල්ලෙනවා පේනවා ඇති. ඒක නිසා ඒ මස් කටුවට ආසාවෙ තමයි ඔය බුරන්නෙ. ෆොන්සේකා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...