අග්‍රාමාත්‍යවරයා ළඟදීම ඉන්දියාවට!

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළඟදීම ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බවට වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා පිටත්ව යන දිනයක් පිළිබඳ නිසි දිනයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, මෙම සංචාරය තුළ ඔහු ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් මැයි මස අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් දින පටන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා ඔහු හමුවීමට උනන්දුවෙන් පසුවූ බවත්, දෙරට අතර පවතින මිත්‍රත්වය මත ශ්‍රී ලංකාවට ඉන්දියාවේ මූල්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාව දෙපාර්ශවයටම පැවති බවත් සඳහන්.

රට තුළ මතුව ඇති ආර්ථික අර්බුධය හමුවේ ඉන්දියානු ණය පහසුකම යටතේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිව තිබෙන මුත්, කොපමණ කාලයක් දක්වා ඉන්දියාව තම සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ ද යන්න පිළිබඳ ගැටළුව පවතී.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ සහ එම නිර්දේශ වලට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වන අන්දම මත මෙරටට සහාය ලබා දිය යුතු ද නැති ද යන්න බටහිර රටවල් විසින් තීරණය කරනු ඇති අතර, චීනයේ අප්‍රසාදය ශ්‍රී ලංකාව කෙරේ එල්ල වී තිබේ. මෙම පසුබිම තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය කොපමණ කලක් පවතී ද සහ රටෙහි ආර්ථික තත්ත්වය ගොඩනැංවීම හා එහි තිරසාරභාවය පිළිබඳ සහතිකයක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි හට ලබා දිය හැකි ද යන්න අවිනිශ්චිතව පවතී.

අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශවයන්ගේ ද අප්‍රසාදය හිමිව ඇති අතර, ඔහු ධුරයෙන් නෙරපා හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ම මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍යධුරයට පත්කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයාට බලකර සිටියි.

ඒ අතර, විපක්ෂය විසින් පාර්ලිමේන්තුව වර්ජනය කර ඇති අතර, දේශපාලන පිටිය තුළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කෙරේ ගොඩනැඟී ඇති මෙම විරෝධය හමුවේ ඉන්දියාව ප්‍රතිචාර දක්වන අන්දම, රනිල් වික්‍රමසිංහ මහතා සහ නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වීමට නියමිත හමුවේ ප්‍රතිඵලයෙන් විද්‍යමාන වනු ඇති.

ඉන්දියාව විසින් ලබා දුන් ඩොලර් බිලියනයක ණය පහසුකම ට අමතරව තවත් ඩොලර් මිලියන පන්සියයක ණයක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ද ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ එළඹෙන ඉන්දියානු සංචාරය තුළ නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව, ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ද හමුවීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...