ස්වාධීන පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් බවට පත් කර එහි බලතල පොලිස්පතිට පැවරීම ගැන සජිත්ගේ විරෝධය (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර, නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බවත් 17 හා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළ සංවරණ හා තුළන ක්‍රමවේදය තුළ මෙරට පොලිස් සේවාව අපක්ෂපාතීව ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බලය දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පොලිස් සේවාව තුළ සිදු කරන ස්ථාන මාරුකිරීම් තනි අතකට එනම් පොලිස්පතිවරයාට පැවරී ඇති බවත් මේක පොලිස් රාජ්‍යයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් මේ රටේ සංවරණ හා තුලන තිබිය යුතු බවත් පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙක් කළ නොහැකි බවත් පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාගේ තනි අතට ලබා දීම ගැන විපක්ෂයක් ලෙස පොදුවේ විරෝධය පළ කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...