ඇමරිකාවේ තීරුබදු ඉහළ දැමීමට චීනයෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:ඇමරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගත ව තීරුබදු පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.

සිය දුර්ලභ ඛනිජ අපනයන සීමා කිරීම සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් දැනුම් දීම පසුගිය 09 වැනිදා චීනය සිදු කළ බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ (12) පැවසුවා. මෙම ක්‍රියාව, චීන රජය නීති-රීති වලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්‍රියාමාර්ගයක් බවයි සඳහන් වුණේ. ඊට ‍එරෙහිව, ඇමරිකාව 10 වන දා ප්‍රකාශ කළේ චීනයට එරෙහිව 100% ක් දක්වා තීරුබදු පනවන බව සහ සිය සියලු ප්‍රධාන මෘදුකාංග අපනයන පාලනය කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසුවේ ඇමරිකාවේ මෙම පියවර ව්‍යවසායයන් හි යුක්තිගරුක හා නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ද හානිකර බවයි. එබැවින් සිය වැරදි නිවැරදි කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. එමෙන් ම ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් තම පූර්ණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ක්‍රියා කරන බව ද චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...