වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂකට ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා , වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂක එච් ටී එම් තුෂාර මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පසුගියදා නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධිය මුල් කරගෙන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

එම සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් කටයුතු කළ ආකාරය පිළිබඳවද පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක බව පැවසේ.

මේ අතර, පසුගියදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බව පැවසේ.

ඒ අනුව අද (13) දින ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයානියෝග කර සිටියේ, අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි.