දින 69 කට පසු ශෂීන්ද්‍රට ඇප!

Date:

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

ඒ, රුපියල් මිලියන දෙකක් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් පනස් දහසක මුදල් ඇපයක් මතයි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ හානියකට වන්දි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබියදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ චෝදනා එල්ල වී තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සමයේ ඔහුගේ නීතිඥයින් අධිකරණයට දැක්වූ කරුණු අනුව ඔහු නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන බිහිසුණු රෝගී තත්ත්වයකින් පෙළෙන බව කියැවුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු...

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...