මාපිය භාරකාරීත්වය නොමැති බාලවයස්කාර දරුවන් රැක ගැනීම සඳහා විශේෂ වැඩසටහනක්!

කොළඹ LNW:මාපිය රැකවරණය නොමැති මහනුවර දිස්ත්‍රික්කයේ බාලවයස්කාර දරුවන් රැක ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවිය.

පොලිසිය, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා කාර්යංශ, ළමා කටයුතු ඒකක ඇතුලුව ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන ඒකාබද්ධව නව වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණය මත පැවැත්විමට එහිදී එකඟත්වය පළ විය.

මෙම තීරණයට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එළඹෙන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (15) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.එම කමිටු සභාපති අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මධ්‍යම පළාත් සභාව දැනට සිදුකරන ළමා සම්බන්ධීකරණ කමිටුවලට අමතරව මෙම කමිටුව රැස්වන බවත් එහිදී අනාරක්ෂිත දරුවන් සඳහා රැකවරණය ලබාදීම මෙන්ම දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම වැළැක්විම සම්බන්ධයෙන්ද මෙහිදී අවශ්‍ය තීන්දු තිරණ ගත යුතු බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

කමිටුව මෙම තීරණයට එළැඹෙන ලද්දේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා විසින් මහනුවර දිස්ත්‍රික්කයේ අවුරුදු 16 – 18 අතර වයස්සීමාවල දරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට විසදුමක් වශයෙනි.

ඒ අනුව මහනුවර කොට්ඨාශයේ බාලවයස්කාර දරුවන් 3456ක්, ගම්පොල පොලිස් කොට්ඨාශයේ දරුවන් 3132ක් සහ තෙල්දෙණිය කොට්ඨාශයේ දරුවන් 3260ක් අනාර්කක්ෂත බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් පරිවාස ගත කර ඇති ඇතැම් දරුවන් පවා ඉන් පැන ගොස් යළි හිංසාවට ලක්වන බව ද ඒ මහතා පැවසුවේය.

මාපිය රැකවරණය නොමැති නමුත් භාරකරුවන්ගේ සෙවනේ වැඩෙන ඇතැම් දරුවන් අතවරයට ලක්වන අවස්ථා බහුල වශයෙන් වාර්තා වන බව පෙන්වා දුන් ඒ මහතා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරීන් මැදිහත් විය යුතු බවත් පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවත් එහිදී සඳහන් කළේය.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දැනට ස්ථාපිත කමිටු සවිබල ගැන්වීමට මෙහිදී තීරණය වූ අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ විය.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජගත් මනුවර්ණ, තනුර දිසානායක, තුෂාරි ජයසිංහ, එම්.බී.බස්නායක, යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...