තිළිණි සහ දිනුක සතු වූ වාර්තාවක් රනිත්මාගේ සන්තකයට

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 17,  කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික බැඩිමින්ටන් සූරිය වන රනිත්මා ලියනගේ ඉහළ දස්කම් දක්වමින් අර්ධ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තාය.ඉන්දියාවේ ගුවහති හී පැවත්වෙන මෙවර තරගාවලිය වන YONEX SUNRISE BWF World Junior Championships 2025 ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාව වෙනුවෙන් කණිෂ්ඨ ජාත්‍යන්තර තරගාවලියක හොඳම දස්කම පෙන්වා තිබුණ ලාංකිකයන් වූයේ තිළිණි හෙන්දහේවා සහ දිනුක කරුණාරත්නය.


අද වන විට දිනුකගේ වැඩිමහල් අයියලා දෙදෙනා වන නිලූක සහ දිලූක,පිළිවෙලින් රනිත්මාගේ කළමණාකාරීත්වය සහ පුහුණුකාරීත්වය දරද්දි ඇය විසින් තිළිණි සහ දිනුක සතුව තිබුණු අවසන් 16 නියෝජනය කිරීමේ වාර්තාව රනිත්මා ඩැහැ ගත්තාය.රනිත්මා මේ වන විට අවසන් අට දෙනා නියෝජනය කරන අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටින අතර එහිදී ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත් කළ ඉන්දියාවේ සංතෝෂ් රාම්රාජ් ජගත් ශ්‍රේණිගත කිරිම්වල 42 වැන්නිය ය.


රනිත්මාට අර්ධ අවසන් පූර්ව වටයේදී මුණ ගැසෙන චීනයේ සියා ලි යූ ජගත් ශ්‍රේණිගත කිරීම් හී නැති ක්‍රීඩිකාවක වුව ද,ලෝකයේ ප්‍රබලතම බැඩිම්න්ටන් සංස්කෘතියට උරුමකම් කියන රටේ දක්ෂතා සමඟ ඔට්ටුවෙමින් පෙරට පැමිණි තුළින් ඇයගේ දක්ෂතා ගැන ඉඟියක් ලබා ගැනීමට අපහසු නැත.එහෙත් රනිත්මා ද මේ වන විට ඕනෑම මට්ටමේ අභියෝගයකට මුහුණ දීමට තරම් ශක්තිමත්ව වර්ධනය වී සිටින බැවින් ඇයට මේ අභියෝගය ජය ගැනීම අපහසු නොවනු ඇත.


රනිත්මා මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල 92 වන තැන සිටින අතර ජගත් කණිස්ඨ ශ්‍රේණිගත කිරීම්වල 9 වන තැන වෙසෙන අතර ඒ දත්ත අනුව නිගමනයකට එළැඹිය හැකිනම් ඇය සිටින්නේ අර්ධ අවසන් වටය ජයගෙන ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකානට පදක්කමක් දිනා දිය හැකි මට්ටමකය.අවසන් පූර්ව වටයට පිවිසි පසුව ඇය අනිවාර්යෙන් පදක්කමක හිමිකාරීත්වය ලබන අතර රනිත්මා මෙම තත්ත්වයට ගෙන ඒම සඳහා ඇයගේ බැඩ්මින්ටන් ජීවිතයේ අනුග්‍රාහකත්වය දරමින් පසුපස රැදී සිටින ශක්තිය වන්නේ රොහාන් ද සිල්වා වන අතර,රනිත්මා මේ වන විට එංගලන්තයේ රැදී සිටිමින් දිලුක කරුණාරත්න යටතේ පුහුණුවීම්වල නිරතවන අතර ඇයගේ කළමණාකරු වන්නේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...