AI භාවිතා කරමින් නීතීඥවරියකගේ පින්‍තූර අසැබි ලෙස නිර්මාණය කර සමාජමාධ්‍ය ඔස්සේ බෙදා හැරි නීතිඥවරයාට වැඩ වරදී!

2015.10.14 දින කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 41701/01/25 ට අදාළව නීතීඥ කිංසි සඳුන් සංජීව යන අයගේ ක්‍රියාකලාපය නීතීඥ වෘතියට නුසුදුසු බවත්, ඒ පිළිබඳ තමන් විසින්ද නඩු වාර්තාවේ සටහනක් යොදන බවත්,අගතියට පත් පාර්ශවයට ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන ලෙසත් ප්‍රකාශ කරන ලදී.

මෙම නඩුව 2015.10.14 දින කැඳවන ලද්දේ ඉහතකී සැකකාර නීතීඥවරයා විසින් විවෘත විශ්වවිද්‍යාලයේ තම කණ්ඩායමේම සහෝදර නීතීඥවරියකගේ මුහුණු පොතෙන් උපුටා ගත් ඡායාරූප AI තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප ලෙස සකසා ඇගේ සත්‍ය නාමයෙන් දුරකථන අංකයක්ද සමග සමාජ ජාල වල සහ වට්ස් ඇප්,ටෙලිග්‍රෑම් සමූහවලට යොමුකර තිබුණි.


එමෙන්ම ඉහත කී දුරකථන අංකය සමග සමාජ මාද්‍ය ඔස්සේ සම්බන්ද වන අය සමගද වසර දෙකක් පමණ තිස්සේ චැට් කරමින් තව තවත් විකෘති කරන ලද නිරුවත් ඡායාරූප බෙදාගනිමින් සහ ලිංගික කතාබස් වල නිරත වෙමින් එම සංවාද වල තිර පිටපත් (Screen shots ) යළිත් ඉහත කී සමූහ වලට යොමු කර ඇත.


පැමිණිලිකාර නීතීඥ වරියගේ මුහුණ සහ නම සහිත එකී පළකිරීම් සම්බන්ධව ඇය දැනගනු ලබන්නේ වසර දෙකකට පමණ පසු සමාජමාධ්‍ය තුළ ඒව දැක තිබූ වෙනත් හිතවතුන්ගෙන් සහ ගනුදෙනුකරුවන් ලෙස තම සැබෑ මුහුනුපොත හරහා සම්බන්ධ වීමට උත්සාහා දරනා පුදිගලයෙන්ගෙනි.

අධික දියවැඩියා රෝගයෙන් පෙළෙන නිසා කකුලේ ඇඟිලි කීපයක් ඉවත් කරන ලද ශල්‍යකර්මයක් මෑතකදී සිදුකරඇති බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් සිදු කරනලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව 2025/10/03 දින අත් අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදාහැරියද 2015.10.14 දින නඩුව යළි කැඳවූ අවස්ථාවේ සැකකාර නීතීඥයාගේ ක්‍රියාකලාපය පිළිබඳ කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා දැඩි දෝශදර්ශනයට ලක් කරන ලදී. 2025/10/28 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කරන ලදී.


අගතියට පත් නීතීඥවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාලිය සමරසිංහ මහතා, නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටින ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...