ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට!

0
463

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

අත්අඩංගුවට ගෙන දැනට රැදවුම්භාරයේ ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා අලුත්ගම පොලීසියට අනුයුක්ත කර ඇති නිලධාරියෙකු බව සඳහන් වේ. මෙහිදී ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තැනැත්තා එම කාන්තාවගේ බෑණා වන බවද පොලීසිය පවසයි.

තවද, ඉෂාරා සෙව්වන්දිට මාස එකහමාරක කාලයක් නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයෙකුද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා “මතුගම ශාන්” නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව පොලීසිය වැඩිදුරටත් පවසයි.