ලංකාවේ සමස්ත ණය 2025 පළමු මාස 06 තුළ රු. ට්‍රිලියන 01 කින් ඉහළ ගිහිං!

ඔක්තෝබර් 19, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2025 වර්ෂයේ පළමු මාස 06 තුළ පමණක් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමේ සිට බදු දැවැන්ත ලෙස ඉහළ දැමීමක් සිදුව තිබිය දී, සහ උපයෝගීතා සඳහා පිරිවැය-පිළබිඹු කරන මිල ගණන් ක්‍රියාත්මක කරමින් තිබියදී ත් මෙලෙස ණය මුදල දැවැන්ත ප්‍රමාණයකින් ඉහළ යාම විශේෂත්වයකි. 

මෙමඟින් රජයේ ණය ඉතා දරුණු අන්දමින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි. 

2024 දෙසැම්බර් මාසය අවසන්වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 28.7 ක් වූ අතර, 2025 ජූනි මාසයවන විට මාස 06 ක කාලයක් තුළ එය රුපියල් ට්‍රිලියන 29.7 දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණයකළ හැකිය. 

දිනකට රුපියල් බිලියන 5.6 ක පමණ ඇදහිය නොහැකි අනුපාතයකින් මාස 06 ක් තුළ රුපියල් ට්‍රිලියන 01 ක ණය ඉහළ යාමක් මෙමඟින් පිළිබිඹු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...