රිවස්ටන් කලාපයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්න…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් , මේ දිනවල මාතලේ රිවස්ටන් කලාපයේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.  

විශේෂයෙන්ම මාතලේ රිවස්ටන් කලාපයේ සවස් වරුවේ අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ගයට පස්කන්ඩි කඩාවැටීම්, ගස්කඩාවැටිම් ආදිය හේතුවෙන් දිනපතා මාර්ග අවහිරතා වාර්තාවන බැවින් මේ පිළිබදව දැඩි අවධානය යොමුකරන ලෙස දිසාපතිවරයා සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රිවර්ස්ටන් වෙත දිවෙන මාර්ගයේ සුන්බුන් ගලායාමක් වාර්තා වී ඇතිබවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මීට යාබදව ගොඩනැගිලි කිසිවක් නොමැති අතර, මේ හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග අවහිරතා ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ඉල්ලීම් කර ඇත.

තවද යාබද ස්ථාන කිහිපයකම සුළු පස් කණ්ඩි කඩාවැටීම් සිදුවී ඇති අතර මේ වන විට මාර්ගයේ ගමනාගමනයට බාධා නොවන පරිදි යථා තත්ත්වයට පත් කර ඇත.

එමනිසා පවතින වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ වල) ජීවත් වන/ගමන් කරන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ හා අවට වෙනස්කම් සම්බන්ධයෙන් විමසිලිමත් වනලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...