අමිලට අපේ ආචාරය

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 19,  කොළඹ LNW:

අමිල ප්‍රසන් ජීවිතයෙන් නික්ම යාම ගැන අපේ ක්‍රීඩා බලධාරී මනසට දැණුන එක පැරාමය ස්වභාවයක් ගත්තෙ ඔහු පැරා ක්‍රීඩකයෙකු නිසා ද යන්න විමසා බැලිය යුතු වෙනවා.2018 වර්ෂයේදී ආසියානු රන් පදක්කමක් ගන්න මේ ක්‍රීඩකයින් හැමවිටම පොදු සමාජය ඉදිරියේ අලෙවි කළේ රණ විරුවන් හැටියටයි.එපමණකින් නොනැවතී අමිල ලා රටට කීර්තිය ගෙනෙන රන්වන් මලල ක්‍රීඩකයන් ලෙස ද කැඵි පෙණුනා.


මෙවැනි ජාතික වශයෙන් අගයන පුම්බන ක්‍රීඩකයෙක් මිය ගියේ කෙසේද යන කාරණය හරියට එළියට ආවේ නැහැ.ඔහු මිය යන්නෙ කෝච්චි අනතුරකින්.යුද්ධ කාලෙ ගමට පැමිණි දේහයක් වගේම ඔහුගේ මුහුණ ආවරණය කරලයි නිසල දේහය තබා තිබෙන්නෙ.
ක්‍රීඩකයා මිය ගියේ කොහොමද?වාහනයක ගමන් කරමින් සිටියදී සිඳු වූ අනතුරකින් නොවන බව පැහැදිළියි.සමහර ක්‍රීඩකයන්ට දක්වපු පැරා ඔලිම්පික් දක්ෂතා සහ ලෝක වාර්තා සම්බන්ධයෙන්වත් පිරිනැමෙන ඇගයීම් නැතුව ඒ ගැන සංවේදී සාකච්ඡා වෙමින් පවතිද්දී,අමිල කෝච්චි පාරක මියැදෙන කාරණය ගැන අපි වෙනම වගකීමක් ගෙන සිතිය යුතු නැද්ද?


අමිල හිත පාරන සමුගැනීමකි.ජීවිතය වරක් වෙඩි උණ්ඩයකින් බේරා ගෙන ඉතිරි වූ ආබාධ සහිත සිරුර රටේ කීර්තිය වෙනුවෙන් කැප කළ අයෙකු මෙසේ මිය යා යුතු නැත.එය යුද්ධයට පක්ෂ අදහසක් නොවේය.රටට කීර්තියක් ගෙනා මිනිසෙකුගේ මරණය එසේ ළඟා වීම තුළ සමාජ වගකීමේ කුමක් හෝ මඟ හැරී ඇති බව හැඟෙයි.අප කල්පනා කළ යුත්තේ ඒ මඟහැරී ඇති වගකීම ඉටු කරන්නේ කෙසේද කියා සහ එම වගකීම ඉටු කරන්නට ඉටු කළ යුතු පිරිස් මෙහෙයවන්නේ කෙසේද කියා යි.
අමිල ඔබට අපේ උතුම් ආචාරය සහ ගෞරවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...