වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන සියය ඉක්මවයි!

0
145

කොළඹ LNW:2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා තිබෙනවා.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.2%ක වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්. චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද(20) මෙම දත්ත නිකුත් කළා.

අදාළ කාලය තුළ, චීන ආර්ථිකය ස්ථාවර මට්ටමේ පවතින අතර මෙවැනි වර්ධනයක් හිමි කර ගැනීමෙන් චීනයේ ගුණාත්මක සංවර්ධනයෙහි සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කිරීම ද කැපී පෙනෙන්නක්.

දිනූෂි ධීරසිංහ