කොළඹ LNW: රටපුරා හදීසි ආපදා තත්ත්වයක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ආපදා තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු හරහා සිදුවිය යුතු සේවාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි විපක්ෂ නායකයා සඳහන් කළේ.
මාතර දිස්ත්‍රික්කයේ ලවන බාධක ගැටලුව නිසා විශාල ගොවිබිම් ප්‍රමාණයක් හානි වීමට නියමිත බවත් බවත් මේ ආපදා තත්ත්වය තුළ දැනටමත් මිනිස් ජීවිත 3ක් අහිමි වී ඇති බවට වාර්තා වෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකාය වැනි වැඩසටහන් ක්‍රියාත්මක වූ බවත් ඒ වැඩසටහන්වලට අමතරව රජයෙන් ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා විපක්ෂයේ ද දායකත්වය ලබා දීමට සූදානම් හෙයින් ඉදිරියේ දී වර්ධනය වන ආපදා තත්ත්වය සම්බන්ධ වැඩසටහන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
