බිඳ වැටුණු ඔන්ලයින් සේවා යථාතත්ත්වයට!

0
239

කොළඹ LNW: බිඳවැටීමට ලක්ව තිබූ ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඒ අනුව අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කළ හැකි බවයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරන්නේ.

‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ඇති වු අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බාධා එල්ල වී තිබුණු අතර රාජ්‍ය ආයතන 34ක පමණ සේවාවන්වලට සතියකට අධික කාලයක් මෙමඟින් බලපෑම් එල්ල වී තිබුණි.

පැවති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරමින් පද්ධතියේ ස්ථාවරත්වය මේ වන විට තහවුරු කර ඇති අතර බිඳ වැටුනු සේවාවන් අදියර වශයෙන් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.