ජපානයේ ප්‍රථම අගමැතිවරිය පත්වෙයි!

කොළඹ LNW: ජපාන දේශපාලනයේ වෙනසක් පෙන්නුම් කරමින් ප්‍රථම අගමැතිවරිය පත්ව තිබේ.

ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව විසින් සානේ ටකයිචි මහත්මියව සිය අගමැතිවරිය ලෙස පත්කරගෙන ඇති අතර එය ජපාන දේශපාලනයේ දක්ෂිණාංශිකයට තීරණාත්මක මාරුවීමක් පෙන්නුම් කරන්නක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

64 හැවිරිදි ඇය යකඩ ආර්යාව ලෙසද හඳුන්වනු ලබයි.

ජපන් නායිකාව වීමට ඇය ගත් තුන්වෙනි උත්සාහය මෙය වන අතර ඇය අභාවප්‍රාප්ත හිටපු අගමැති ෂින්සෝ අබේගේ අනුගාමියෙක් ලෙසද ජපානය තුළ හඳුනා ගනී.

කෙසේවෙතත් ජපන් ආර්ථිකයේ හැරවුමක් මෙන්ම ජපානය හා ලෝක දේශපාලන සබඳතා නව මාවතකට විවර වීමක් ලෙසද ඇයගේ පත්වීම අපේක්ෂා දල්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...