ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ අතුරු ප්‍රථිපල!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය තවත් සිරකරුවන්ගේ මළ සිරුරු ආපසු ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය තවත් සිරකරුවන්ගේ දේහයන් හුවමාරු කර ගෙන ඇති අතර, පලස්තීන පාර්ශවයන් පවසන්නේ ඊශ්‍රායලය ඊජිප්තුව සමඟ තීරණාත්මක රෆා දේශසීමා හරස් මාර්ගය නැවත විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගාසා සටන් විරාම ගිවිසුමේ නියමයන් පිළිපැදීමට අපොහොසත් වන බවයි.

තවත් ඊශ්‍රායල සිරකරුවන් දෙදෙනෙකුගේ, එක් සොල්දාදුවෙකුගේ සහ එක් සිවිල් වැසියෙකුගේ මළ සිරුරු ඊයේ (21) රාත්‍රියේ ඊශ්‍රායලයට ආපසු ලබා දුන් අතර, ඒඅනුව අද (22) බදාදා අලුයම 85 හැවිරිදි ආර්යේ සල්මනොවිච් සහ 38 හැවිරිදි හමුදා මාස්ටර් සැරයන් තමීර් අදාර්ගේ මළ සිරුරු ලෙස හඳුනා ගත් බව වාර්තා වේ.

ඊශ්‍රායලය සමඟ සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස හමාස් මේ වනවිට ඊශ්‍රායල සිරකරුවන් 15 දෙනෙකුගේ මළ සිරුරු භාර දී ඇත.

පලස්තීන භූමියේ පැතිරී ඇති විනාශය සහ ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශ ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව පාලනය කිරීම හේතුවෙන් මළ සිරුරු නැවත ලබා ගැනීම පමා වී ඇති බව හමාස් පවසා ඇත.

තවද, ඇස්තමේන්තුගත තවත් දේහ කට්ටල 13 ක් ඊශ්‍රායලයට ආපසු ලබා දීමට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...