ඉෂාරාට සැඟවීමට සහ පලායාමට සහය දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!

0
300

කොළඹ LNW: සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජිව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජිව නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකාරිය වූ දැනට අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට සැඟව සිටීමට හා පලායාමට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඇයට සැඟව සිටිමට ආධාර අනුබලදුන් සැකකරුවෙකු හා මුහුදු මගින් ඉන්දියාවට බෝට්ටුවකින් පලායාමට ආධාර අනුබලදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කිළිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී සහ තිහාරිය ඕගොඩපොල ප්‍රදේශයේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔවුන් යාපනය හා කිළිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

පැය 72 ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ