පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට!

කොළඹ LNW:නොවැම්බර් මාසයේ 4, 6 සහ 7 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන අතර නොවැම්බර් 7 වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද ආරක්ෂක පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවයි කථානායකවරයා පැවසුවේ.

අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමුකරනු ලබන නිසා පාර්ලිමේන්තු පැමිණීමේ දී රියදුරෙකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන ලදී.

එමෙන්ම එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...