සියලුම රබර් ඉඩම් වෙනුවෙන් QR කේතයක් හදුන්වාදීමේ වැඩසටහනක්!

කොළඹ LNW:මෙරට සියලුම රබර් ඉඩම් මිනුම් ගත කොට ඉඩම් සඳහා QR කේතයක් හදුන්වාදීමේ වැඩසටහනක් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව දියත් කොට තිබේ.

රබර් නිෂ්පාදන යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ප්‍රමිතිගත කිරීම සඳහා මෙම කේතය අවශ්‍ය වන බව කෘෂිකර්ම කමිටුවේදී රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ සංවර්ධන නිලධාරී ආර්.එම්.යූ.බී.රත්නායක මහතා පැවසීය.

වනාන්තර එළිපෙහෙළි කරමින් සිදුකරන නිෂ්පාදන අධෛර්යයමත් කිරීම හා නව විනාශය වැළැක්වීම සඳහා යුරෝපා සංගමය ගෙන ඇති තීරණය යටතේ ශ්‍රී ලංකාව තුළද රබර් ඉඩම් ප්‍රමිතිගත විය යුතු යැයිද ඔහු සඳහන් කරන ලදී.

ඒ අනුව වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් තොරව මෙරට රබර් වගාව සිදුවිය යුතු බවත් වගාවේදී කිසිදු අයුරකින් ජල මූලාශ්‍ර, වන සතුන්, ශාක ඇතුලු ස්වාභාවික පරිසරයට හානි නොවිය යුතු යැයි ද ඒ මහතා කීවේය. එම කරුණු සැලකිල්ලට ලක් කොට QR කේතය ලබා දෙන බව කී ඔහු රබර් නිෂ්පාදන යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමේදී එම කේතය අත්‍යවශ්‍ය වන බව ද පෙන්වා දුන්නේය.

රබර් ඉඩම් සිතියම් ගත කිරීමේදී මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද සහ ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි හෙක්ටයාර් 177ක් සිතියම් ගත කිරීමට නියමියි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වී.ඩී.නිරූෂා අයෝනි මහත්මිය ඇතුලු පිරිසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...