බහරේන් යොවුන් ක්‍රීඩා උළෙලට හැඩ ආරම්භයක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 23,  කොළඹ LNW:


බහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සමාරම්භය ඊයේ මහත් උත්කර්ශවත් අන්දමින් පැවත්වුණා.බහරේන් අගනුවර වන මැනාමා ආසන්නයේ පිහිටි ඉසා හී තරගාවලිය වෙනුවෙන් ස්ථාපිත ක්‍රීඩා නගරයේ පැවති මෙම සමාරම්භය බහරේන් සංස්කෘතික අනන්‍යතාවය පිළිඹිඹු කරන අන්දමෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සකස් වී තිබුණා.


එම සංස්කෘතිකාංග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම එයට එක් වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද මෙහි දැක්වෙන අතර ඊයේ රාත්‍රියේ සමාරම්භයට වෙන් වූ කොටසට එපිටින් පැවති බාලක කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉරානය වෙතින් දැවන්ත පරාජයක් ලැබුවා.එහිදී ලකුණු සටහන දැක්වුණේ 92 – 23 ක් ලෙසයි.


අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙරළ වොලිබෝල්,බොක්සිං,ගොල්ෆ් සහ බලාපොරොත්තු වැඩි වශයෙන් තබා තිබෙන මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙන්නට සූදානමින් නියමිතව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...