ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය දෙමින් විශේෂ සාකච්ජාවක් !

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23 , කොළඹ LNW :

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්‍ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වේ. ඒ ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමිනුයි.

වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා ඇත.


ගුවන්තොටුපොළේ ඉහළම ආරක්‍ෂණ සහ ආරක්‍ෂක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ සම්බන්ධීකරණයේ වැදගත් බව, මෙහිදී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත මහතා පැවසුවේය.


තවද, මෙම සාකච්ඡාවේදි නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම, ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ සිදුවිය හැකි තර්ජන සඳහා දැනට පවතින ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.


සියලු ආයතනවල සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුවන්තොටුපොළේ ආරක්‍ෂක කළමනාකරණය වඩාත් කාර්යක්‍ෂම හා ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පවත්වාගෙන යාම සඳහා විශේෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට මෙම හමුවේදී ඒකමතිකව එකඟතාවයද පළ වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල්...

පොඩ්ඩන් ඉස්සරහා ලොකු වැඩ දාපු කොල්ලන් සොක්කන් වූ දවසක්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකාව මෙවර ලෝක...

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...