බන්ධනාගාර රැදවියන් සහ පොලිස් නිලධාරීන් රැසක් මතට ඇබ්බැහි වෙලා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

0
239

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

බන්ධනාගාර ගත රැඳවියන්ගෙන් 70%ක් පමණ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පොලිස් නිලධාරින් 20% ක් පමණ ද ඊට ඇබ්බැහි වී ඇති බවයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ‍‍, අනිවාර්යයෙන්ම ඉදිරියේදී මත්ද්‍රව්‍ය උවඳුර මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවයි.