පාස්පෝට් ඡායාරූප ගැටලුවට ඇමති ධම්මිකගේ පුද්ගලික මුදලින් විසඳුමක්

Date:

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ඡායාරූප උඩුගත කිරීමේදී යම් ගැටලුසහගත තත්වයක් පසුගිය සමයේ උද්ගත වී තිබිණි.

ඒ, උදෑසන 10.00 – දහවල් 01.00 අතර කාලසීමාවේදී විශාල වශයෙන් ඡායාරූප එවීම නිසා දත්ත පද්ධතිය කාර්යබහුල වීම හේතුවෙන් සර්වරය (server) ප්‍රමාණවත් නොවීමෙන් ඇතිවූ ගැටලුවයි.

අද (29) පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සොයාබැලීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා එහි ගොස් තිබුණු අතර ඒ මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් තම අවධානය යොමුකර විසඳුමක් ලබාදී තිබිණි.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම තාක්ෂණික ගැටලුවට දිගු කාලීන විසඳුමක් සොයාගන්නා තෙක් ධම්මික පෙරේරා මහතා සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැයකර මෙම ඡායාරූප උඩුගත කිරීම සඳහා සර්වරයක් එම දෙපාර්තමේන්තුව කුලියට රැගෙන දී තිබේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ සභිකයින් කලු පටි පැළද විරෝධතාවක!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : අද (20) දින...

IFS ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අතට සහ පපුවට

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ...

ශරීරයේ බර ප්‍රශ්නයක්ද? මෙන්න බර අඩු කරගැනීමේ රහස්~

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : කෙටි කාලයක් තුළ...

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...