පොදු දේපල අවභාවිතය: නඩුවට පෙනී සිටින්න රනිල් උසාවි එයි!

කොළඹ LNW:පොදු දේපල අවභාවිතා කිරීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිත අතර මීට සුළු මොහොතකට පෙර වික්‍රමසිංහ මහතා අධිකරණය වෙත පැමිණියේය.

බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද අධිකරණය වෙත පැමිණි අතර වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් පාක්ෂිකයින්ද අධිකරණ පරිශ්‍රය අසල රැඳී සිටියි.

මේ අතර සාගල රත්නයක, රවී කරුණානායක, නිමල් සිරිපාලද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු දේශපාලකයින් කිහිප දෙනෙක්ද අධිකරණය වෙත පැමිණියහ.

සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 169 ක මහජන මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම යන චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 22 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අතර අනතුරුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

කෙසේවෙතත් මේ වන විට හිටපු ජනාධිපතිවරයා ඇප මත නිදහස්ව සිටියි.

ජායාරූප: අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...