පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබාගැනිමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ නඩුව අද (29) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙන බව වාර්තා වේ.

ඒ විඩියෝ තාක්ෂණය ඔස්සේයි .

පසුව ඔවුන් දෙදෙනාව නැවතත් එළැඹෙන මස 12වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය නියෝග කර තිබෙන බව සඳහන් වේ.

මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අවි ආයුධ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය සඳහන් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම...

මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ...

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...