පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Date:

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ඊයේ (28) දිනයේ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවූ නඩුවකට පැමිණ නොසිටීම හේතුවෙනි.

මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික උත්සවයකට සහභාගී වී සිටින බැවින් අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වූ බවකි.

කෙසේවෙතත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජගත් මනුවර්ණ මහතාව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.

මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබූ බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...