සිව්කොන් සාන්තුවර ක්‍රීඩා චමත්කාරය නොවැම්බර් 8 සහ 9 කොළඹ දී;

Date:

සටහන – නිශ්මං රණසිංහ 

ඔක්තෝබර් 31,  කොළඹ LNW:නොවැම්බර් 8 සහ 9 දෙදින තුළ කොළඹ ශාන්ත පීතර සහ ශාන්ත ජෝෂප් විද්‍යාලවල ක්‍රීඩා පිටි අතීත රස කතාවලින් පිරී යනු නිසැකය.ඒ අතර රටම දන්නා ආදරය කරන ක්‍රීඩාවේ පතාක යොධයන් ද එහි සැරිසරනු ඇත.උතුරන සහෝදර බැදීම් සමඟ කන්ද උඩ රටත් කොළඹත් යා කරන සාන්තුවර බැම්මකින් කොළඹ ශාන්තමය නම් ඇති පීතර,ජෝෂප් සහ බෙනඩික් ද,මහනුවර ශාන්ත අන්තෝනිය ද මේ ක්‍රීඩා පිටිවල අතීත මතකවල සුවඳ ඉසිමින් පතුරවමින් ක්‍රීඩා කරනු ඇත.එ් 56 වන සිව්කොන් සාන්තුවරයන්ගේ ක්‍රීඩා සැණකෙළිය එම ක්‍රීඩාංගණ මත එළෙන්නට නියමිත බැවින්ය.

එම ක්‍රීඩා අතරට විස්සයි විස්ස ක්‍රිකට්,පැසි පන්දු මෙන්ම සත් සාමාජික රගර් ක්‍රීඩාවන් ද ඇතුළත්ය.මේ සාන්තුවර සහෝදරයන් ඉකුත් වසරේ සිට මෙයට ඈදා ගත් කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය,කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය,කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය සහ මහනුවර ශද්ධ වූ පවුලේ කන්‍යාරාමය යන පාසල්වල සහෝදරියන්ට ද ඉඩ සකසා දී සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ද පැවත්වීමට කටයුතු යොදා ඇත.

ශාන්තමය නමින් හැඳින්වෙන පාසල් රටේ වෙනම ආගමික සංස්කෘතික අනන්‍යතාවයක් සහිතව,ඒ අනුව සංයමයට පත් කළ ඉගැන්වීම් පරාසයක් සහිතව උත්පාදනය වුව ද,අද වන විට එම සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කර ගනිමින්,විවිධ ආගමික අනන්‍යතාවයක් ඇති අයට අධ්‍යාපනය දායාද කරන පාසල් ලෙස පරිනාමය වී ඇත.එම සංස්කෘතික අනන්‍යතාවය ඇසුරෙන් සැකසි ව්‍යහුයමය වෙනස පාසල් හතරම නියෝජනය කරමින් සිව්කොන් සාන්තුවර සටන නියෝජනය කරන පාසල් හතරේ එකමුතුව තුළ සිටින වෙනත් ආගමික අනන්‍යතාවය සහිත නිල මණ්ඩල සාමාජිකත්වය සාක්ෂි ලෙස ගත හැකිය.

ඒ නිසා මේ වන විට ස්වීය හැදුනුම්පත සහිතව මේ පාසල් සමාජයේ වැඩි පිරිසකට ශාස්ත්‍ර ඥාණය ප්‍රදානය කරන අධ්‍යාපනික ආයතන බවට මේ විද්‍යාල පත්ව ඇත.මේ සිව්කොන් ක්‍රීඩා සැණකෙළිය ගැන පැවති මාධ්‍ය හමුවේදී 56 වන වරට සිඳුවන මේ ක්‍රීඩා එකමුතුවේ ආරම්භය සිඳු වූ 1963 සිට එය විකාශය වී ඇති ආකාරය ද පැහැදිළි කර ගන්නට හැකි විය.කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලීය පරිශ්‍රය තුළ පැවති මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වූ පරිදි ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ විශේෂ දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන කුසලාන හඳුනා ගන්නට ලැබුණ ද,කිසිඳු මූල්‍යමය ත්‍යාගයක් හිමි නොවන්නේය.

වසරකට වරක් අතීතය හුවමාරු කර ගැනීමට ලැබෙන ආනන්දනීය මොහොතට සැබවින්ම මුල්‍යමය වටිනාකමකින් සීමා පැනවිය නොහැකිය. අගයක් දීම දුෂ්කරය. එය අනන්තයට වඩා විසල් වටිනාකමක් සහිත සහෝදරත්වයක සහ මිත්‍රශීලීත්වයක රස ගොමුවක්ය.මුසුවක්ය.



මේ සංස්කෘතිය එහි ඇති ආගමික තැවරුම්වලින් වියුක්තව ගත් විට එය කාටත් තමන්ගේ කර විඳිය හැකි ඉසව්වක් විය හැකිය.උදාහරණයකට මෙදිනට සහභාගි වන්නට නියමිත බව කියන ඇන්ජලෝ මැතිවිස්,තිසර පෙරේරා වැනි ක්‍රීඩකයින් කිසි විටෙක එම පාසල්වලට පමණක් අයත් බව අපට නොදැනේ.ඒ තරමට එය අපේ කරගැනීමේ අරමුණ අවදි කළ පුද්ගල පෞරශයන්ය.ක්‍රිකට්වලින් ඒ දෙදෙනා පමණක් නොවන තවත් පාසල්වල බොහෝ ක්‍රිකට් තරුවල ද ගුලි කර හිතේ රඳවා ගෙන ඇති මතක පොදි එම දවස් දෙකේදී පීතර සහ ජෝෂප් පිටි මත දිග ක්‍රියාපදවලට පෙරළෙනු ඇත.ඒ ජාතිකමට ක්‍රීඩා වටිනාකම මේ ශාස්ත්‍රාලවලින් උපයාගත් උකහා ගත් පැසි පන්දු සහ රගර් තරු ද එදිනට ක්‍රීඩා රසිකත්වයේ හැඟීම් ආලෝකමත් ගන්වනු ඇත.ඒ ආනන්දය පාසල්මය සීමාවලට වඩා පුළුල් වූ ක්‍රීඩා ආත්මය තුළ ගෞරවණිය ස්ථානයක තැන්පත් ජාතික වටිනාකම් බැවින්,එම තරගාවලියට අදාළ වූ සංස්කෘතිමය වටිනාකමට,ක්‍රීඩාශීලීත්වයට සහ මිත්‍රශීලි සහෝදරත්වයට හානි නොවෙන්න විඳ ගැනීමට පරිස්සම් විය යුතුය.

මාධ්‍ය හමුවේ මේ පාසල් හතර ක්‍රීඩා කරන ක්‍රිකට් නොවන රගර් සහ බාස්කට් බෝල් ක්‍රීඩා කරද්දී ඒ ඒ පාසල් ක්‍රීඩකයින් පළදින ඇඳුම පවා ප්‍රදර්ශනය කරමින් බෙදා හැරියේය.එම ඇඳම් භාර ගැනීමට ඒ පාසල්වලටම සීමා නොවුණු රටට වටිනාකමක් ඇති පරිස් මැදිහත්ව සිටීම තුළ තුළින් නොවැම්බර් 8,9 දෙදින කෙතරම් චමත්කාර ක්‍රීඩාවක් දෙවිදුහල් පිටි තුළ දැකිය හැකි වනු ඇත්දැයි සිතා ගත හැකිය.එසේම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හතර පැවත්වෙන ක්‍රිකට් තරගවලදි කාල සටහන සකසා ගැනීම ද එම කන්‍යාරාම විද්‍යාල සහෝදරියන් අතර වූ කුසපත් ඇදීමකට අනුව සිද්ධ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...