මෙරට ආයෝජනය කිරීමේ අරමුණින් චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10ක් දිවයිනට !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :

චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා බව වාර්තා වේ.

ඔවුන් චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන ” සේද මාවත” වැඩසටහන යටතේ පැමිණ තිබු බව වාර්තා වේ.මෙම චීන ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය , කෘෂි , වානිජ , වාරි යන අංශ වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ආයෝජකයන් පිරිස ඊයේ (30) දින රාත්‍රී 06.00 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර, ඔවුන් පිළිගැනීම සදහා මෙරට චීන ව්‍යාපෘති සම්බධීකරණය කෙරෙන පෞද්ගලික ආයතනයක නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.