ඉකුත් සමයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා ගැන දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :

අද (31) දිනයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති ආශ්‍රිව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන බව නිවාස හා ඉදිකිරීම් ආමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ඒ අනුවඅමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය කාලයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් අද සිට දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන ආරම්භ කරන බවයි.

එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක නිවාස ආධාර මුදලක් ගෙවිය යුතු වුවත් ඇතැම් පුද්ගලයින්ට එම ණය මුදල් නිසි ලෙස ලබා දී නොමැති බවත්, එසේම නිවාස ආධාර ලබාදීමේදී නුසුදුස්සන් අතට එම ආධාර මුදල් පත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ එවක වගකීම් දැරූ නිලධාරීන්ගෙන්ද කරුණු විමසීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, ඇතැම් නිවාස ව්‍යාපෘති ඉදිකළ ප්‍රදේශ සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බවද කියා සිටියේය.

මෙම නිවාස ආධාර යෝජනා ක්‍රම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සැබෑ ලෙසම ආසාධාරණයට ලක්වූ පිරිස් සඳහා සහන සැලසීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...