පොදු විපක්ෂයෙන් කොත්තුවක් !

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක් පිහිටුවා ගෙන තිබේ. ඔවුන්ගේ අරමුණ ආණ්ඩුවට එරෙහිව නිල නොවන සන්ධානයක් පිහිටුවා ගැනීමය. මුඛ්‍ය පරමාර්ථය මාලිමා ආණ්ඩුව ගෙදර යැවීමය. මේ සියල්ල තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව රැකගෙන සිදුකරන බවද ඔවුහූ කියා සිටිති. කෙසේ වුවත් සමගි ජන බලවේගය මේ කොත්තු සන්ධානයට නැත. දැනට එකතුව සිටින පක්ෂ අතරේ පවා පරස්පරතා බොහෝ ය. ඔටුන්නට හිමිකම් කියන කුමාරවරු දෙදෙනා අතර පවා දැන් සිටම සටන අරඹා ඇති බවය අපට දැන ගැනීමට ලැබීඇත්තේ.

කෙසේ වෙතත් ලබන මස 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර ඇති ජන රැළිය පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පළ වූ අදහස් පිළිබඳව විමසා බැලීමට කැමැත්තෙමු. මෙම සාකච්ඡාවේදී පුතය වූයේ අනුර යාපාය. අනුර යාපා පුද්ගලයන් මුදල් හම්බකර ගත් ආකාරය ගැනීම ගැන විරෝධය පළකෙළේය. නමුත් ඔහු සිය කතාව නිම කිරීමට පෙර ” හැබැයි මුදල් ඉපයිපු ආකාරය සොයා බලන්නත් ඕනෑ” යනුවෙන් තමන් තමන් වම නිවැරදි කෙළේය.

මේ හැම කතිකයකුම ප්‍රජාතන්ත්‍රවාදයට මරැ පහරක් එල්ලවී ඇතැයි කියා සිටියහ. නමුත් අහවල් ක්‍රියාව නිසා එසේ සිදුවී ඇතැයි කීමට ඔවුහූ අපොහොසත් වූහ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ හැම දෙනාම මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කළ යුතු යැයි කියන අතරේම ඊට අනුපානයක් වශයෙන් දේශපාලන දඩයමක් වශයෙන් එය සිදු කරන බවට චෝදනා කළහ.
මොවුන් කියන්නේ කුමක්ද යන්න හැදෑරීමට වෙනම දේශපාලන පාට මාලාවක් හැදෑරිය යුතුය යන්න මගේ අදහසයි.

මත් ද්‍රව්‍ය උවදුර මේ තරම් ව්‍යාප්ත වීමට දේශපාලන ඥාතිත්වය බලපෑ බව අවබෝධ කර ගැනීමට එතරම් පරිණත බවක් තිබිය යුතු නැත. එමෙන්ම දූෂණය, වංචාව ආදී සියලු අපත ක්‍රියාවන් පිළිබඳව ද තත්ත්වය එසේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ පෙරේදා කියා සිටි අන්දමට රාජ්‍ය සේවයට සිදුව ඇති වින්නැහිය ඉතා බරපතළ ය.

ඇත්ත වශයෙන්ම සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රයම උඩුයටිකුරු නොකර මෙම තත්ත්වයෙන් මුදා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කිරීමට අපහසුය. විපක්ෂ එකමුතුව කියන්නේ කුමක්ද යන්න අපට තබා ඔවුනට වත් පැහැදිලියයි නොසිතමු. අනුමාන වශයෙන් සිතිය හැක්කේ ඔවුනව බේරා ඕනෑ එකෙක් අල්ලා ගත්තාට කමක් නැතැයි ඔවුන් කියා සිටින බවය.

මේ සියලු දූෂණ වංචා, අපරාධ හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැතිව හුදකලාව සිදුවූවා කියාද මොවුන් කියන්නේ. තව කල් ගිහින් නාසයෙන් උඩටද වතුර ගැලූ පසු අද ඔය එක වේදිකාවේ මිත්‍ර සන්ධාන ගතව සිටින අය තමා හැර අන් සියලු දෙනා පාවා දෙතැයි නොසිතිය හැකිද?

ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ මෙම අපචාර ක්‍රියාවන්ට මාලිමාවේ සම්බන්ධතා ඇත්නම් ඔවුන්වද අත්අඩංගුවට ගන්නා ලෙස බලකර සිටීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...