සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොලඹ LNW :

පොලිස් විශේෂ කාර්ය බලකාය හා කළුතර අපරාධ කොට්ඨාශය මගින් ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අතරතුර, කළුතර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු තියුණු ආයුධත් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී මෝටර් රථවලින් ගොස් පුද්ගලයින්ට පහරදීම් සිදුකරන මෙම කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ඔවුන් පසුගියදා දකුණ කළුතර දූවපන්සල පාරේ නිවසකට ඇතුලු වී දේපළවලට හානි සිදුකර නිවැසියන් බිය ගන්වා පහරදී තිබෙන අතර, මත්ද්‍රව්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙන් පහරදීම සිදුකර ඇති බවට වාර්තා වේ.

ඒ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකාය දූවපන්සල ප්‍රදේශයේ දී සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමිනුයි සැකකරුවන් අදාළ ස්ථානයට ගමන්කර තිබෙන බව පැවසේ.

මේ අතර මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් 1818 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දීමේ හැකියාව පවතින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...