වර්ජනයේ නියුතු තැපැල් සේවකයින්ට රතු එළි!

Date:

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

අද දිනයේදී මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කිරීමට නියමිතව තිබේ.

ඉන්ධන හිඟයත් සමඟ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අගහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගියදා තීරණය කෙරුණ අතර ඊට විරෝධය පළකරමිනුයි පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති විසින් මෙම වර්ජනයක් ආරම්භ කළේ.

මෙම වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ විදේශ අංශයේ තැපැල්මලූ සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...