වර්ජනයේ නියුතු තැපැල් සේවකයින්ට රතු එළි!

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

අද දිනයේදී මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කිරීමට නියමිතව තිබේ.

ඉන්ධන හිඟයත් සමඟ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අගහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගියදා තීරණය කෙරුණ අතර ඊට විරෝධය පළකරමිනුයි පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති විසින් මෙම වර්ජනයක් ආරම්භ කළේ.

මෙම වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ විදේශ අංශයේ තැපැල්මලූ සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...