ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ-ෂරීෆ් අසල ඊයේ(02) රාත්‍රියේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20 හා තුවාල කරුවන් 520 දක්වා වාර්තා වී තිබේ.

523,000 ක් පමණ ජනගහනයක් සිටින මසාර්-ඉ-ෂරීෆ් නගරය රටේ විශාලතම නගරවලින් එකක් වශයෙන් සැලකෙන අතර අඛණ්ඩව සෝදිසිකිරීම් සිදුකරන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇතැයි තලේබාන් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවසයි.

මෙම භූමිකම්පාව තලේබාන් රජයට ඇති වූ නවතම ස්වාභාවික විපත වන අතර, 2021 දී රාජ්‍ය බලය ලබා ගැනීමත් සමඟ ඔවුන් මාරාන්තික භූමිකම්පා තුනකට මුහුණ දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...