දැන් ඇති. ඉල්ලා අස්වෙන්න – විපක්ෂ නායක සජිත් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට කියයි (VIDEO)

තවදුරටත් මේ ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බවත් එබැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් ජනතා අරගලය ආරම්භ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි ඉල්ලා සිටියේය.

මේ මොහොතේ රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයෙක් ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස විපක්ෂ නායකවරයා ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කළේය.

දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි මුසාවාද වලට නොරැවටෙන ලෙසත් තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටවීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (03) පස්වරුවේ විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති හමුවකදීය.

මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්ඵල බව ද සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...