අස්වැසුම ලබනවා කියන එක ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. ඒක නීත්‍යානුකූලව හිඟාකනවා වගේ වැඩක් – ඇමති හඳුන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අඩු ආදායම්ලාභීන් සඳහා “අස්වැසුම” සුබසාධන සහනාධාර දීමනා දිගින් දිගටම ලබාදීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මම කියන්නෙ අස්වැසුම ලබනවායි කියන එක ගැන සමාජය ලැජ්ජා වෙන්න ඕනෙ. ඒක හරියට නීත්‍යානුකූලව හිඟාකනවා වගේ වැඩක්, වෙන විදියකට කිව්වොත්. ඇයි ? කාගෙහරි, ආණ්ඩුවෙ සල්ලි අපි ගන්නවා. නැතිබැරිම නම් ගන්න එක හරිනෙ ? හැබැයි මේක දැන් ගන්න එක පුරුද්දක් බවට පත්වුණාම – අර සමහර හිඟන්නුත් ඉන්නවානෙ එහෙම, තුවාලෙ සනීප කරගන්න කැමති නැහැ. සනීප වුණත් තුවාලෙ බැන්ඩේජ් එකක් ඔතාගෙන පාරෙ ඉන්නවා. අපි මේ අස්වැසුම හැමදාම බෙදන්න ඇවිල්ලා නෑ. ඒක දේශපාලන සටන් පාඨයක් කරගෙන අපි මෙච්චර පවුල්වලට අස්වැසුම දුන්නා කියලා පම්පෝරි ගහන්න අපට ඕනෙකමක් නෑ. අපි සතුටු වෙන්න අපේ රටේ අස්වැසුම ඉවර වෙච්ච දවසට”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රමසේනා ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...