අස්වැසුම ලබනවා කියන එක ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. ඒක නීත්‍යානුකූලව හිඟාකනවා වගේ වැඩක් – ඇමති හඳුන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අඩු ආදායම්ලාභීන් සඳහා “අස්වැසුම” සුබසාධන සහනාධාර දීමනා දිගින් දිගටම ලබාදීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මම කියන්නෙ අස්වැසුම ලබනවායි කියන එක ගැන සමාජය ලැජ්ජා වෙන්න ඕනෙ. ඒක හරියට නීත්‍යානුකූලව හිඟාකනවා වගේ වැඩක්, වෙන විදියකට කිව්වොත්. ඇයි ? කාගෙහරි, ආණ්ඩුවෙ සල්ලි අපි ගන්නවා. නැතිබැරිම නම් ගන්න එක හරිනෙ ? හැබැයි මේක දැන් ගන්න එක පුරුද්දක් බවට පත්වුණාම – අර සමහර හිඟන්නුත් ඉන්නවානෙ එහෙම, තුවාලෙ සනීප කරගන්න කැමති නැහැ. සනීප වුණත් තුවාලෙ බැන්ඩේජ් එකක් ඔතාගෙන පාරෙ ඉන්නවා. අපි මේ අස්වැසුම හැමදාම බෙදන්න ඇවිල්ලා නෑ. ඒක දේශපාලන සටන් පාඨයක් කරගෙන අපි මෙච්චර පවුල්වලට අස්වැසුම දුන්නා කියලා පම්පෝරි ගහන්න අපට ඕනෙකමක් නෑ. අපි සතුටු වෙන්න අපේ රටේ අස්වැසුම ඉවර වෙච්ච දවසට”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රමසේනා ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...