අත්අඩංගුවේ සිටි සහෝදරයා මුදාගන්න පොලීසියට පැන යකා නැටූ මාලිමා මන්ත්‍රී ඇප මත නිදහස්

Date:

හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහුව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සිය නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සඳහා පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාකරමින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයාගේ සහෝදරයාව හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබී ඇත. ඔහුව පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඔහුව බැලීමට පැමිණි අදාළ මන්ත්‍රීවරයා කළහකාරී ලෙස හැසිරෙමින් සිය සහෝදරයාව මුදාහරින ලෙස බලපෑම් කරමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැනවැදී තර්ජනය කර ඇති බවයි පොලීසිය ප්වසන්නේ.

ඒ අනුව නීත්‍යානුකූලව අත් අඩංගුවේ පසුවූ සැකකරුවකු මුදාහැරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කර ඇත.

එමෙන්ම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි අදාළ මන්ත්‍රීවරයාගේ සහෝදරයා ද ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...