නිශ්මං රණසිංහ නොවැම්බර් 06, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු අවුරුදු 19 න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලියේ නේපාලය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකාව පරාජය විය.වට 3-1 ලෙස කියැවි එම ජය නේපාලය අත් කර ගත් ජයක් ද,නේපාලයට ලබා දුන් ජයක් ද යන්න නැවත සිතා බැලිය යුතුව ඇත.එහිදී විශේෂයෙන් දෙවන වටයේ තරගය නිමා කිරීම සඳහා ලකුණු 25 ලබා ගැනීමට පිරිනැමිය යුතු පන්දුව පිරිනැමීම මෙන්ම ඉනික්බිති නේපාලය පිරිනැමූ පන්දුව පිටියෙන් ඉවතට යද්දී අත දැමීමත් සිඳු වුණේ සුලක්ෂණා පසිඳුනී නායිකාව අතින්මය.මේ තත්ත්වය මත ලකුණු 24 – 23 ක් ලෙස පෙරමුණේ සිටි ශ්‍රී ලංකාවට තරගයේ දෙවන වටය 26-24 ක් ලෙස පරාජය භාර ගන්නට සිදු විය.

ඇය එහෙත් මේ තරගයේ ඉතා දක්ෂතා ඇති ක්‍රීඩිකාවක් බව සහතික කළාය.නමුත් අදාළ මොහොත කියවා ගැනීමට ඇයට මෙන්ම කණ්ඩායමක් හැටියට ද ඉහළ සිට පහළට යම් දුබලතාවයක් පෙන්නූ බව පිළිගත යුතුය.නේපාලය දක්ෂ නිසා නොව ශ්‍රී ලංකාව ඊට ඉහළින් ඇති දක්ෂතා පිටිය තුළ දී කළමණාකරණය කර ගැනීමට දැක් වූ නොහැකියාව මත මේ පරාජයේ අවාසනාව මුණ ගැසිණ.

ලිබරෝ ක්‍රීඩිකාව මධුශානි ජිනේශි ප්‍රමුඛව සෑම ක්‍රීඩිකාවක්ම පන්දුව කරා යොමු වෙමින් පන්දුව ලබා ගැනීමට උත්සාහ කරනු වෙනුවට සිටින තැන ලෙස උඩු කය හැකිතාක් නමා පන්දුව ලබා ගැනීමට යොමුවන ස්වභාවයක් පෙනෙන්නට තිබිණ.කෙටි පියවරවලින් පන්දුවට පිවිසෙමින් පන්දුව යටට ඒමට හැකි සෑම විටෙකම සමත් වූ නේපාල ලිබරෝ ක්‍රීඩිකාව ක්‍රීඩිකාව විසින් ශ්‍රී ලංකාවට ලණු ඒමට නියමිත වූ ප්‍රහාර විශ්මිතා ලෙස ගොඩ ගනිමින් ඇති කළ පීඩනය නිසා මේ තරගයේ ශ්‍රී ලංකාවට එරෙහිව හොදින්ම ක්‍රීඩා කළ ක්‍රීඩිකාව බවට පත් වුයේ නේපාල ලිබරෝ ක්‍රිඩිකා අන්ජිලා ප්‍රධාන් ය.

කණ්ඩායම තුළ සමෝධානය (Integration) දකින්නට නොලැබිණ.යහපත් ඵලයක් සඳහා විය යුතු එම එකඟතාවය ක්‍රියාකාරීත්ව භාෂාවේ නොතිබීම ගැටළුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට නැඟී සිටීමට බාධා ඇති කළේය.එය මොහොත කියවා ගැනීමේදී තිබූ දුර්වලතාවයට පෑහුණ විට අදාළ මොහොත සහ සුදුස පුද්ගලයා ඊට යොදා ගැනීම ගැටළුවකට ගිය බවත් දකින්නට ලැබිණ.ඊට එක් හේතුවක් ලෙස කණ්ඩායමේ ක්ෂණික ප්‍රහාරිකාවන් ලෙස සිටි අප්සරා කහඳව සහ පවනි මල්ෂානි අඩුවෙන් යොදා ගැනීම හැඳින්විය හැකිය.සමහර විට කෙටි ඔසවා දීම් සම්බන්ධයෙන් කණ්ඩායමේ යම් අවිශ්වාසයක් තිබුණා ද විය හැතිය.එහෙත් තරගයකට එන කණ්ඩායම සියලු ඉරියව් දත් යුතුය.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩිකාවන්ගෙන් වඩා දක්ෂ කවුද කියන කාරණය කියන්නට අපහසුය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කියන්නට බොහෝ ඉඩ ඇත.එසේනම් පැරදුණේ…?
ගැටළුව එන්නේ වැඩිම අත් වැරදීම් ප්‍රමාණයක් කිරිමය.එහෙත් වැඩි වැරදි කරපු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියත්,දෙපිළම සිටියත් පන්දු පිරිනෑමීමේ ඉහළම දස්කම සිඳු කළ ක්‍රීඩිකාව අවිවාදයකින් තොරව ශ්‍රී ලංකාවේ හර්ෂණි නිසංසලා වූවාය.පන්දු ඔසවා දීමේදී විශාල තාක්ෂණික අඩු පාඩු නොතිබිණ.පිරිමහ ගැනීමට හැකි ලෙස පන්දුව සැකසීමට අප පොහොසත් වුවත් එය සැකසිය යුත්තේ කාටද යන කාරණයේදී අප දුප්පත්ය.

එහෙත් මාස දෙකක කාලයක් තුළ අඩුපාඩු ඇතුව හෝ කණ්ඩායමක් ලෙස යම් ප්‍රමාණයකට අනොන්‍ය අවබෝධයක් සහිතව කණ්ඩායමත් ගොඩ නැඟීම පහසු නැත.එය අප පිළිගත යුතු අතර හෙට කිර්ගිස්තානය හමුවේදි අද දවසේ වූ වරුදි නිවැරදි කර ගැනීමට මෙන්ම ඇතැම් කාරණා නේපාලයට අදාළ නොවන කිර්ගිස්තිනයට අදාළ වන ඒවා පමණක් විය හැකි බවද මෙනෙහි කළ යුතුය.තවමත් එක් තරගයක් පරාජය වුව ද ශ්‍රී ලංකාවට විශාල අවසාන තරගය කරා යන්න ඇති විශාල ඉඩ ගැන සිතා හොඳන් ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකාව කල්නා කළ යුතුය.
ශ්‍රී ලංකාවේ පරාජයේ ප්‍රමාණය ලකුණුවලින් ගත් විට නේපාලය ජය ගත්තේ ලකුණු 25-18,26-24,19-25 සහ 25 – 20 ක් ලෙසය.හෙට නේපාලය පරද්දපු කිර්ගිස්තානය යන කාරණය සිතින් බැහැර කිරීමට ශ්‍රී ලංකාව වග බලා ගත යුතුය.අද මාල දිවයින කිර්ගිස්තානයට හොඳ තරගයක් දුන් අතර එහි ලකුණු තත්ත්වය සටහන් වූයේ 25–21 | 25–09 | 25–21 ලෙසය.එය ඉතාම වැදගත්ය.
එහෙත් අද තරගයේ වූ අඩුපාඩු ඉදිරියේදී හදා ගන්නා අතරේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම කණ්ඩායම් සඟයින් සිය ප්‍රතිවාදියාව නේපාලය ලෙස භාර නොගැනීමෙන් වැඩ කර ජයග්‍රහණය සොයා යා යුතුය.ඉඟියක් ලෙස ගත්විට වේගයේ සහ ප්‍රතිකියාවේ අගය සියල්ලගේම පොදු සාධකය නොවන්නේය. ඒ නිසා සම්පූර්ණ මාල දිවයින කණ්ඩායමට එල්ල කළ ප්‍රහාරයේ වේගය ශ්‍රී ලංකාවට මුහුණ දීමේදි කිර්ගිස්ථානයද පාවිච්චී නොකරනු ඇත
කිර්ගිස්තාන සහ මාල දිවයින අතර තරගය නැවත නැවත බැලීම ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.එහි යම් ආකාරයක රිද්මයේ නොපැහැදිළිකමක් ද තිබෙන බව දකින්නට ඇත.කිර්ගිස්තානය තරම් වේගයක් දැරීමට අපොහොසත් මාල දිවයින,කිර්ගිස්තානයේ රිද්මය හඹා යාමේ දුෂ්කර වෑයම වෙනුවට සාමාන්‍ය පරිදි ක්‍රීඩා කරනු දකින්නට ලැබුණා.ඒ නොගැලපෙන රිද්මය යම් බලපෑමක් කිර්ගිස්තානයට ඇති කළා.



